දක්ෂිණ අධිවේගයේ අනතුරකින් මනාල යුවලක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ සවිකර ඇති ආරක්ෂිත වැටෙහි වැදීමෙන් අනතුර සිදුව ඇත.

මනාලයා විසින් පැදවූ මෝටර් රථය මෙසේ අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් මනාල යුවල තුවාල ලබා තිබේ.

මාතර ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයෙන් අනතුරුව ගාල්ල බලා ගමන් ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර ප්‍රදේශයේදී මෙලෙස  අනතුරට පත්ව තිබේ.

තුවාල ලැබූ මනාල යුවල ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Exit mobile version