සටන ඉවර නෑ, හෙට ගෝල් ෆේස් පිටියට එන්න – අකිල

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සටන තවමත් අවසන්ව නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඒ් මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයට රැස්ව සිටින ජනතාව අමතමිනි.

වැඩ්දුරටත් අදහස් දක්වමින් ” ප්‍රජාතන්ත්‍රවය වෙනුවෙන් සටන තාම අවසන් නෑ. දිවුරුම් දීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාවක් දුන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන සටන වෙනුවෙන් හෙට ගෝල් ෆේස් පිටියට එන්න. ” යැයි අකිල විරාජ් මහතා පැවසීය.

තව සුළු මොහොතකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියම්තයි.

Exit mobile version