බස් රථයක් යතුරුපැදියක ගැටී අනතුරක් – අයෙක් මරුට

දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ දී පුද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පහලගම, කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක් බවයි පොලීසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

ගොකරැල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version