Home දේශීය පුවත් සුනාමි දරුවන්ට පාසල් අහිමි වෙයි?

සුනාමි දරුවන්ට පාසල් අහිමි වෙයි?

0
සුනාමි දරුවන්ට පාසල් අහිමි වෙයි?

අක්මිමණ ප්‍රදේශය තුළ පිහිටි සුනාමි ගම්මානවල ස්ථිර පදිංචිකරුවන්ට ස්ථිර ඔප්පු නොලැබිම නිසා තම දරුවන් ඒ ආසන්නයේ ඇති පාසල්වල පළමු වසරට ඇතුළත් කරගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇති බව සුනාමි ගම්මානවල පදිංචිකරුවෝ පවසති.

ආසන්න පදිංචියෙන් පළමු වසරට දරුවන් ඇතුළත් කිරිමේදි ස්ථිර ඔප්පුව අනිවාර්ය බවට අධ්‍යාපන අමාත්‍යංශය මගින්   නිකුත් කොට ඇති චක්‍ර ලේඛනය නිසා මෙම තත්වය උදාවි ඇත. අක්මිමණ වළහන්දුව ප්‍රදේශයේ සුනාමියෙන් විපතට පත්වුවන් පදිංචිව සිටින ගම්මාන හතක් පමණ තිබෙන අතර මෙම තත්වය නිසා මෙම ගම්මානවල පදිංචිකරුවන්ට මෙවර තම දරුවන් පළමු වසරට ඇතුළත් කිරිමේදි ගැටලු රැසකට මුහුණ දිමට සිදුවි ඇත.

දැනට වසර 12ක පමණ සිට සුනාමියෙන් විපතට පත් ජනතාව මෙකි ගම්මානවල පදිංචිව සිටින අතර  එහෙත්  මේ දක්වා මොවුන්ට ස්ථිර ඔප්පු ලැබි නොමැති බව එම ගම්මානවල පදිංචිකරුවෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version