පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද(18) පස්වරු 1.00ට රැස්වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථාව මෙය වෙයි.

පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක් වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය 12 වැනිදා අවසන් වරට පාර්ලිමේන්තුව රැස්වූ අතර අද කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතයි.

Exit mobile version