මන්ත්‍රී ධූර ගැන ගැටලුවක් නෑ – රෝහිත

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට තරඟ කර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් මන්ත්‍රිවරුන්ගේ, මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් මතු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසීය.

ඊයේ (17) දින එම පක්ෂයේ පැවති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස් වෙනි වරටත් අග්‍රාමත්‍ය ධුරයට පත්වෙමින් ලෝකවාර්තාවක් තිබු බවත් ඒ මොහොතේදීම අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා ගෙන් බැණුම් අසමින් ගිනස් වාර්තාවක්ද තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

සුනාමිය පැමිණීමට පෙර මුහුද පසුපසට ගිය අතර පසුව ටික වේලාවකින් මහා සුනාමියක් ලෙස ගොඩ බිටම පැමිණි බවත් පෙන්වා දෙන ඒ මහතා හිටපු ජනපති මහින් රාජපක්ෂ මහතා විසින් එක් අඩියක් පසුපසට ගනු ලැබුවේ ජයග්‍රහණයක ආරම්භයක් බවත් පෙන්වා දුන්නේය.

Exit mobile version