කථානායක ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි

පක්ෂ නායක රැස්වීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙයි.

මෙම පක්ෂ නායක රැස්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල නායකයින් සහභාගී වී සිටින බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට රැස්වීමට නියමිත අතර අද දිනයේ න්‍යාය පත්‍රය පිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වීමට නියමිතයි.

එමෙන්ම විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

Exit mobile version