Home දේශීය පුවත් පාර්ලිමේන්තුව අරඹයි

පාර්ලිමේන්තුව අරඹයි

0
පාර්ලිමේන්තුව අරඹයි

අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබිය.

පාර්ලිමේන්තුව ආරම්භයට පෙර දහවල් 12.00 ට පක්ෂ නායක රැස්වීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අතර විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව අද දිනයේ පළමු වරට රැස්වන අතර පසුගිය දිනවල පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක් වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ද අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version