දුම්රියක ගැටී පොලිස් නිලධාරීන් 2ක් මරුට

අමෙරිකාවේ චිකාගෝ ප්‍රාන්තයේදී දුම්රියක ගැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ චිකාගෝ ප්‍රාන්තයේ දුම්රිය මාර්ගයක් ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමක් පිළිබඳ පරීක්ෂණ සිදුකරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙසේ දුම්රිය ගැටීමෙන් මියගොස් තිබේ.

චිකාගෝ පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරමින් සිටි 31 සහ 37 යන වයස්වල පසුවූ නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වෙයි.

චිකාගෝ පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version