කුවේට් කැබිනට් මණ්ඩලයෙන් අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

කුවේට් තෙල් ඇමති, බකීත් අල්-රෂීඩි සිය ඇමතිකමින් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුවේට් කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගෙන නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව මන්ත්‍රී, කලීඩ් අබුල් පැවසීය.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මහජන මුදල් අයථා ආකාරයෙන් නාස්තිය කර ඇති බවට එල්ල වූ චෝදනා හේතුවෙන් බකීත් අල්-රෂීඩි ඇමතිකමින් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවෙයි.

මුදල් ගණුදෙනු සිදුවී ඇති ආකාරය සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට යන බව විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version