මහින්දගෙන් කථානායකට ලිපියක්

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරු තවදුරටත් සන්ධාන මන්ත්‍රීවරුන් ලෙසටම කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබේ.

2015 අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ සියලූම මන්ත්‍රීවරුන් එම සන්ධානයේ කටයුතු කරන බවයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Exit mobile version