ගෙම්බා ලකුණින් නව පක්ෂයක්

රටේ සංවර්ධනයක් හෝ රටට යහපතක් වීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතා නැවතත් රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගිය දින 49 කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් රටේ සංවර්ධනය වෙනුවෙන් ඉතා හොඳ වැඩපිළිවලක් ක්‍රියාත්මක කළ බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ අතර ඉදිරියේදී දේශපාලන පක්ෂ කිහිපයක් එකතුවී නව පක්ෂයක් නිර්මාණය කරන බවත් එම පක්ෂයේ ලකුණ ලෙස ගෙම්බා ලකුණ යොදාගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version