EPF තොරතුරු එළි කරන්න මහ බැංකුවට නියෝග

සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) 2015 හා 2016 යන වසරවල ද්විතීයික වෙළෙඳ පොළ ගනුදෙනු පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන්නැයි තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI) පසුගිය 27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කර තිබේ.

පෞද්ගලික බුද්ධි මණ්ඩලයක් වන %වෙරිටේ රිසර්ච්^ ආයතනය පසුගිය ව‍සරේ (2017) මැයි මස අදාළ තොරතුරු දැන ගැනීමට ඉල්ලීමක් ගොනු කර තිබිණි.

එහිදී එම තොරතුරු හෙළිදරව් කිරීම ප්‍රතික්‍ෂේප කරමින් එම තොරතුරු ලබා දීමට තමන් බැඳී නොමැති බවට මහ බැංකුව ප්‍රකාශ කර තිබුණද, තොරතුර දැන ගැනීමේ කොමිෂන් සභාව ඉදිරියේ සිදු කළ කරුණු විමසීම් කිහිපයකින් අනතුරුව ඉහත නියෝගය නිකුත් කෙරිණි.

 

Exit mobile version