මහින්ද ආණ්ඩුවට අනතුරු අඟවයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ සිටින තෙක් ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ගැන වැඩි විශ්වාසයක් තබා නොගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා ‍මේ බව පැවසු‍වේ වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදයට එක්වෙමිනි.

කිසිඳු කුමන්ත්‍රණයක් මඟින් එක්සත් ජනතා නිදහස් සන්ධාය විසින් ආණ්ඩුවක් නිර්මාණ නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ රටේ අඩුපාඩුකම් රැසක් තිබියදී ඔවුන් විසින් ආණ්ඩුව බාරගත් බවයි.

පසුගිය එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු සමයේ බොරතෙල් බැරලයක මිල අඛන්ඩව පහල ගියත්  කිසි ලෙසකින් ඉන්ධන මිල අඩු නොවු බවත් ඔවුන් විසින් එය අඩු කිරීමට කටයුතු කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version