එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(21) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 04.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදි රැස්වීමට නියමිතයි.

එහිදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

Exit mobile version