හිටපු හොරු කණ්ඩායමට අමාත්‍ය ධූර දුන්නා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සම්පුර්ණ ගෞරවය හිමිවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසුවේ ඉන්ධන මිල අවම වශයෙන් රුපියල් 14කින් පමණ අඩුවිය යුතු බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූර ලබා දී ඇත්තේ හිටපු හොරු කණ්ඩායමට බවත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කථාකළ කිසිඳු මන්ත්‍රීවරයෙකුට ඇමති ධුර නොලැබී ඇති බවයි.

Exit mobile version