කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ අයෙක් අල්ලයි

කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර නීතිය බලගැන්වීමේ ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිස් සථානය වෙත ඉදිරිපත් කර අැත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරු 41ක් වු පෙරේරා පාර, බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු විසින් පානදුර ප්‍රදේශයේ දී කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 45,000ක් පමණ වටිනා රන් මාලයක් කොල්ල කා ඇති අතර කළුතර දකුණ ප්‍රදේශයේදී ද නිවසකට ඇතුළු වී එහි සිටි පිරිසට තර්ජනය කර රුපියල් එක්ලක්ෂ 50,000ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයක් සොරකම් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද(22) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version