රෝසි වරද පිළිගනී

අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී සංඛ්‍යා කිහිපයක වැරදීම් සිදුවූ බව තමන් පිළිගන්නා බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පැවසීය.

සිංහල භාෂාවෙන් ඒ පිළිබඳ සභාවට දැනුම්දීමට යාමේදී තමන් මෙම ගැටළු සහගත තත්ත්වයට මුහුණ දුන් බව ද නගරාධිපතිනිය වැඩ්දුරටත් පැවසීය.

මේ පිළිබඳ ඇතැමුන් සමාජ ජාලා ඔස්සේ තමන්ට එරෙහිව මඩ ප‍්‍රචාර ගෙන යන බව නගරාධිපතිනිය පැවසීය.

අයවැය යෝජනාවේ අන්තර්ගතය පිළිබඳ අවධානය යොමු කර ඒ පිළිබඳ ප‍්‍රකාශ සිදු කරන ලෙස කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පැවසීය.

පසුගිය දින කොළඹ මහ නගර සභාවේ අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී නගරාධිපතිනී රෝසි සේනානායක ඉදිරිපත් කළ ඇතැම් ආදායම් සහ වියදම් සංඛ්‍යා පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතුව තිබේ.

 

Exit mobile version