පාප්තුමන්ගෙන් ඉල්ලීමක්

සරල සහ බහු භාණ්ඩික නොවූ අල්පේච්ඡ දිවිපෙවෙතකට හුරුවන ලෙස නත්තල් දිනට පෙරදා දේව මෙහෙය පවත්වමින් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් දියුණු රටවල ජනතාවගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම, ලෝකයේ ධනවතුන් සහ දුප්පතුන් අතර වූ දැවැන්ත පරතරය දැඩිව හෙළා දුටු පාප් තුමන්, ගව ලෙනක ජේසු තුමන්ගේ උපත ජීවිතයේ යථාර්තය සෑම අයෙකුටම පසක් කර ඇති බවද පෙන්වා දෙයි.

වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී සාම්ප්‍රදායික නත්තල් දිනට පෙරදා දේව මෙහෙය පවත්වමින් පාප් තුමන් මෙසේ වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.

මේ වනවිට 82 වැනි වියෙහි පසුවන පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානියා බවට පත්වීමෙන් පසුව ගෙවන හය වැනි නත්තල මෙයයි.

Exit mobile version