වෙඩි තැබීමෙන් මියගිය අයගේ පොලිස් වාර්ථාවක්

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර වරායේදී අද(25) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබේ.

එහිදී වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇත.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

තුවාල ලැබූවන් මේ වන විට තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පැවසීය.

පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයින් තුන් දෙනෙකුගේ මෘත ශරීර තංගල්ල රෝහලේ තැන්පත් කර තිබෙන අතර මියගිය අනෙක් පුද්ගලයාගේ දේහය නාකුළුගමුව රෝහලේ තැන්පත් කර ඇති බවයි.

සිද්ධියෙන් මිය ගිය සහ තුවාල ලැබූ පිරිසගේ විස්තර පහතින් දැක්වෙයි.

Exit mobile version