කබීර් ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකියි

මාවනැල්ල ප්‍රදේශයේ පූජනීය ස්ථානවලට අගෞරව වන ආකාරයෙන් සිදුවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

අදාළ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට තමන් අවශ්‍ය උපදෙස් පොලීසියට ලබා දුන් බවත් ඔහු පවසයි.

එසේම මේ සම්බන්ධයෙන් වගකිවයුතු දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බවත් ඒ මහතා පැවසීය.

සිය ෆේස්බුක් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

Exit mobile version