මහනුවරින් සැකකටයුතු මළ සිරුරක් හමුවෙයි

මහනුවර, ඔරලෝසු කණුව ඉදිරිපිට උමං මාර්ගයේ පිවිසුම අසල පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

ඊයේ (26) දින රාත්‍රීයේදී මෙම පුද්ගලයා මෙම ස්ථානයේදී මිය යන්නට ඇති බව පොලීසිය විශ්වාස කරයි.

කටුගස්තොට පදිංචි වයස 50ක පමණ වන මෙම පුද්ගලයා බැංකුවක සේවය කළ අයෙක් බවට අනාවරණය වී තිබේ.

වැඩකටයුතු කිහිපයක් සඳහා නිවසින් ඔහු පිටත්ව ඇති අතර ජංගම දුරකථනයද අතැතිව ඔහු මෙසේ මියගොස් ඇති අතර සිද්ධිය සමිබන්ධයෙන් පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version