ICCය හරීන්ට වාර්තාවක් දෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට වාර්තාවක් ලබාදි තිබේ.

අමාත්‍යවරයා සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි ඒකකය සමග අද දිනයේදී තමන් ධනාත්මක සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන් කර ඇත.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා අමාත්‍යාංශය හා සම්බන්ධ වී කටයුතු කරන ඇති බවත් මේ පිළිබඳව අයි.සී.සී. සභාපතිවරයා සමග සාකච්ඡා කරන බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version