අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බෙදහැරීම සඳහා ප්‍රවාහනය කිරීමට සුදානමින් සිටි සැකකරුවෙකු යාපනය මාදගල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 85 ක් සමඟ සැකකරු ඊයේ (27) සවස අත්අඩංගුවට ගත් බවයි.

යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය.

සැකකරු යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version