උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප් කර Space තබා විභාග අංකය ඇතුළත් කොට 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵල ලබාගත හැකිය.‍

Exit mobile version