රිය අනතුරකින් තරුණියක් මරුට

රිය අනතුරකින්  කඳාන, මොරවත්ත හන්දිය ප්‍රදේශයේදී තරුණියක් මියගොස් තිබේ.

මීගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් කන්ටේනර් රථයක් පසුකරයාමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය පාලනය කරගත නොහැකිව කන්ටේනර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් බරපතළ තුවාල ලබූ  යතුරුපැදිකරු සහ පසු පැදිකාරිය රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පසුපැදිකාරිය මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කඳාන සෙබෙස්තියන් මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක් වන අතර අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version