බේරුවල හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි

බේරුවල මුහුදු ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වූ හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පසුගියදා මෙරටදී සොයා ගත් දෙවන විශාලතම හෙරොයින් තොගය ප‍්‍රවාහනය කළ බෝට්ටුවේ සිටි සැකකරුවන් පස්දෙනාගෙන් අයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ(30) පයාගල ප‍්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු 56 හැවිරිදි මොරගල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය පැවසුවේ, සැකකරු දින 7ක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසරය ලබා ගත් බවයි.

කිලෝග‍්‍රෑම් 231 යි ග‍්‍රෑම් 54 ක හෙරොයින් තොගයක් බේරුවල හා බලපිටිය අතර මුහුදේදී සොයා ගනු ලැබුවේ පසුගිය 6 වනදායි.

එහි වටිනාකම රුපියල් මිලියන 2 700 කට අධිකයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්ථානයේදී ඇසුරුම්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් අත්අඩංගුවට පත් වු අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

Exit mobile version