කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටිය දී තරුණයෙක් ගෙල වැල ලා ගෙන මියගොස් තිබේ.
ගංජා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ(30) මෙම තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔහුව පොලිස් බාරයේ තබා තිබු අතර පසුව තමා ඇඳ සිටි ටී-ෂර්ට් එක ආධාරයෙන් මෙම තරුණයා පොලිස් කූඩුව තුළ දී ගෙළ වැළලාගෙන මිය ගොස් සිට ඇත.
ඔහු 26 හැවිරිදි කටුගස්තොට පට්ටියාවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක් බවට වාර්තා වෙයි.
මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(31) සිදු කිරීමට නියමිතයි.