මාස දෙකක් දුක්විඳ සද්ධන්තයා නිසල වෙයි

මාස දෙකකට පමණ පෙර දඩයක්කරුවෙකුගේ වෙඩි පහරට ලක්ව බරපතළ ලෙස තුවාල ලබා සිටි වන අලියා අද(31) අළුයම මිය ගොස් තිබේ.

පොලොන්නරුව ගිරිලේ වැව අසල තුවාල ලබා සිටි වන මෙම අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් අවස්ථා කිහිපයක දී ප්‍රතිකාර කරනු ලැබුව ද අවාසනාවන්ත ලෙස අලියා මිය ගොස් ඇත.

වයස අවුරුදු 30 ක් පමණ වන මෙම වන අලියාගේ උස අඩි 8 ක් පමණ වන බව ද වනජීවි නිලධාරීන් පවසයි.

මිය ගිය වන අලියාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(31) දින සිදු කිරීමට නියමිතයි.

Exit mobile version