ආණ්ඩුකාර කීපදෙනකුට ඉල්ලා අස්වෙන්න නියෝග

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට දෙසැම්බර් 31 වැනි දිනට (අද) පෙර එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බවට වාර්තාවේ.

මෙම දැනුම්දීමට අනුව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

ආණ්ඩුකාරවරුන්ගේ සංශෝධනයක් සඳහා ජනාධපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවත් තමන්ට යළිත් ආණ්ඩුකාරධුර ලැබෙනු ඇති බවටත් ආණ්ඩුකාරවරුන් කීප දෙනකු විශ්වාසය පල කර ඇති අතර මෙවැනි දැනුම් දීමක් තමන්ට නොලැබුනු බව තවත් ආණ්ඩුකාරවරයකු ප්‍රකාශ කර ඇති බවටද වාර්තා වේ.

Exit mobile version