ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම 5 වනදා

ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එ් අනුව ලබන 05 වැනිදා ජනාධිපතිවරයා විසින් ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරිමට නියමිතයි.

එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය පරිදි ත‍්‍රිපිටකයේ කරුණු වෙනස් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙය සිදු කරන බවයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා කියා සිටියේ.

බුද්ධ ධර්මය විකෘති කිරීම වැළැක්වීම සඳහා ඉදිරියේදී තවත් පියවර රැසක් අනුගමනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version