Home දේශීය පුවත් වෝහාරික විගණනය 2019 නිමවීමට පෙර

වෝහාරික විගණනය 2019 නිමවීමට පෙර

0
වෝහාරික විගණනය 2019 නිමවීමට පෙර

2019 වසර නිමාවීමට පෙර බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කළ වෝහාරික විගණනය අවසන් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.

අධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (02) දින දහවල් මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවකදී අදාළ විගණනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදීය.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් “මෙය සංකීර්ණ දෙයක්. කිසිම ප්‍රමාදයක් එහි නැහැ. දැනටමත් මෙම විගණනය සඳහා ඉදිරිපත් වන ලෙස සුදුසුකම් සහිත විදේශීය විගණන විශේෂඥයන් වෙත ආරාධනා කර තිබෙනවා. මොකද මේ ගැටලුව මහ බැංකුව හා සම්බන්ධ දෙයක් නිසා මහ බැංකුවේ නිලධාරීන් හරහා මේ විගණනය සිදු කරන්න බැහැ.”

මෙහිදී අදාළ විගණනය කොටස් හයකට වර්ග කරමින් සිදු කරන බවත්, එය නිවැරදි ආකාරයෙන් සිදු කිරීමේ ඇති අත්‍යවශ්‍යතාව නිසා එය සිදු කිරීමට කල්ගත වන බවද හෙතෙම පැවසීය.

“මෙතැනදී යම් වැරැද්දක් සිදු වෙලා තිබෙන බවට යම් කෙනෙක් අධිකරණයට ගියොත්, එය සකස් කරන්න යළිත් අපට මුල සිටම කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා එවැනි වැරැදි අවම කරගනිමින් වඩාත් සුපරීක්ෂාකාරීව මෙය සිදුකළ යුතුයි. ඒ සඳහායි විගණන විශේෂඥතාව සහිත පිරිස් වෙත ආරාධනා කර තිබෙන්නේ.” යැයි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version