අනුරාධපුර ජල උල්පත් සිඳී යයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ස්වාභාවික ජල උල්පත් රැසක් සිඳී යාමේ අවදානමකට ලක්වී තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් අඩු වීමට හේතුවක් වී ඇත්තේ එම ප්‍රදේශවල ජනතාව උල්පත් ජලය පරිහරණය කිරීම බව පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ.

එහෙත් මේ වන විට කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ උල්පත් රැසක් සිඳී යාමේ අවදානමකට පත්ව ඇති බව වාර්තා වෙයි.

මේ වන විට මෙම ප්‍රදේශවල ජල පහසුකම් ලබා ගැනීම සඳහා ඉතිරිව ඇත්තේ එක් ජල උල්පතක් පමණක් බවත් අවට ගම්මාන රැසක ජනතාවද එම උල්පත භාවිත කිරීම හේතුවෙන් උල්පත රැක ගැනීමේ අවදානමක් පවතින බවත් ප්‍රදේශවාසීන් පැවසීය.

ප්‍රදේශවාසීන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම උල්පත රැක ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙසයි.

Exit mobile version