පොලිස්පතිගේ විශේෂ මෙහෙයුමක ප්‍රතිඵල මෙන්න

ගෙවිගිය 2018 වසරේදී පොලිස්පති පූජිත් ජයසුන්රද මහතාගේ නියෝග මත දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 14කින් අත්අඩංගුවට ගැනීම් 40290ක් හා රථ වාහන නඩු ලබාගැනීම් 69963ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙහිදි වරෙන්තුකරුවන් 12984ක්, බීමත් රියදුරන් 7094, විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 9087ක්, බලපත්‍ර නොමැති ගිනි අවි ළග තබා ගැනීම සම්බන්ධයෙන් 49ක්, විවිධ අපරාධ සඳහා අවශ්‍යව සිටි සැකකරුවන් 10305ක්, වැලි ගොඩ දැමීම් ඇතුළු විවධ දූෂණ සම්බන්ධෆයන් 771ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ වැළැක්වීමට හා රිය අනුතුරු වැළැක්වීමට මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

Exit mobile version