වේගෙන් අා යතුරුපැදි 3ක් මාර්ගයෙන් ඉවතට – අයෙක් මරුට

මුන්දල පොලිස් වසමේ කුඹුක්කඩවල ප්‍රදේශයේ දී ඊයේ(06) රාත්‍රී 10.50ට පමණ සිදුවු යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා අාණමඩුව රෝහලට අැතුලත් කිරිමේදී එක් පුද්ගලයෙක් මියගොස් තිබේ.

කොහොඹගස්වැව දෙස සිට මහකුඹුක්කඩවල දෙසට ගමන් කළ යතුරු පැදි 3ක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුරු සිදුව ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20 ක් වු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි බදුර්ඩීන් මොහොමඩ් සිබ්රාන් නැමති තරුණයෙක් බව පොලීසිය පැවසිය.

මිය ගිය තරුණයාගේ මෘත ශරීරය ආණමඩුව රෝහලේ තැන්පත් කර ඇත.

මුන්දලම පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version