කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

මාගම්මන ප්‍රදේශයේදී අද(08) උදෑසන කේරළ ගංජා ග්‍රෑම් 600ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

පොලිස් බාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් එක්ලක්ෂ හැටදහසක් වන අතර වයස අවුරුදු 27ක තරුණයෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version