විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද සහ හෙට

දැනට පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන්ව වාර්තාවිමේ කාලීන ඉහළයාමක් පෙන්නුම් කරන බැවින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර අැත.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන අද(10) සහ හෙට(11) දිවයිනේ ප්‍රදේශ රැසක් ආවර්ණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

බස්නාහිර පළාත, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 40ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන යටතේ නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන ඇතුළු සමස්ත පරිශ්‍ර නිරික්ෂණයට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්ව දෙයි.

Exit mobile version