ලක්ෂ විස්සක ගංජා හේනක් වටලයි

මොණරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ යාල රක්ෂිත භූමියේ දී නීති විරෝධීව පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා තිබේ.

ඇතිමලේ පොලිසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර අැත.

වැටලීම සිදු කරන අවස්ථාවෙදී සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව ඇතිමලේ පොලිසිය පවසයි.

මෙම ගංජා හේනේ උස අඩි හතකට ආසන්න ගංජා ගස් තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ විස්ස ඉක්මවන බව පොලිසිය සඳහන් කරයි.

සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර ඇතිමලේ පොලිසිය විමර්ශන සිදු කරයි.

Exit mobile version