Home විශේෂාංග පුවත් කාන්තාවන් තෙල් ගහන ලංකාවේ එකම ෂෙඩ් එක

කාන්තාවන් තෙල් ගහන ලංකාවේ එකම ෂෙඩ් එක

0
කාන්තාවන් තෙල් ගහන ලංකාවේ එකම ෂෙඩ් එක

ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් පමණක් යොදා ගනිමින් ආරම්භ කළ ඉන්ධන පිරවුම්හලක් පිළිබඳ ගම්පහ දිස්ත්‍රික්කයේ නාල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

කොළඹ -කුරුණෑගල මාර්ගයේ පිහිටා ඇති මේ ඉන්ධන පිරවුම්හලේ හිමිකාරිය ද තරුණ කාන්තාවකි.

තමන් චීනයේ කළ සංචාරයක් අතරතුර චීනයේ කාන්තාවන් ඉන්ධනය පිරවුම් හල් වල සේවය කරන ආකාරය දුටු විට ශ්‍රී ලංකාවේද කාන්තාවන් ඉන්ධන පොම්පකරුවන් ලෙස යොදා ගනිමින් පිරවුම් හලක් ආරම්භකිරීමට තමන්ට සිතුනු බව මෙම පිරවුම් හලේ හිමිකාරිනිය වන රෂ්මි පතිරාජ පවසයි.

2014 වසරේ පිරවුම්හල ආරම්භ කළ අවධියේදී ඉන්ධන පොම්ප ක්‍රියාකරු ලෙස කටයුතු කර ඇත්තේ ද එහි හිමිකාරිය යි.

මේ වනවිට පොම්ප ක්‍රියාකාරිනියන් අට දෙනෙකු පිරවුම්හලේ සේවය කරන අතර රාත්‍රී සේවා මුර සඳහා පමණක් පුරුෂයන් දෙදෙනෙකු එහි සේවයට යොදවා තිබේ.

කාන්තාවන් සේවය කළ ද කිසිඳු ප්‍රමාදයකින් තොරව තමන්ට ඉන්ධන පුරවාගත හැකි බව එහි පැමිණ සිටි පාරිභෝගිකයන් පවසයි.

පිරවුම්හලේ සේවයේ නිරත කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රදේශයේ පොලිසිය ද නිතර විමසිල්ලෙන් පසුවන බවත් ඔවුන්ගෙන් ඒ සඳහා දැඩි සහයක් ලැබෙන බවත් පිරවුම්හලේ හිමිකාරිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version