නව ව්‍යවස්ථාව ගැන යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ යෝජනාවක් හෙට(11) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද වාර්තාවක් මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල ස්ථාවරයන් සඳහන් කරමින් ඒ ඒ දේශපාලන පක්ෂ ලබාදී ඇති වාර්තා සැලකිල්ලට ගනමින් මෙම වාර්තාව සකස් කර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version