උතුරේ පාසල් 14 වනදා වැසෙයි

උතුරු පළාතේ සියලු පාසල් සඳහා ලබන 14 වන සඳුදා දින නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

තයිපොංගල් දිනය ලබන 15 වන අඟහරුවාදා දිනට යෙදෙන බැවින් ඊට පෙර දින වන සඳුදා දිනයේ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කළ බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ.

ඒ සඳහා හිලව් දිනයක් ලෙස ඉදිරි සති අන්ත දිනක පාසල් පැවැත්වීමට කටයුතු කරන බව ද ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේය.

Exit mobile version