තැන් 2කදී විදේශිකයන් දෙදෙනෙක් දියේ ගිලි මරුට

වෙන්නප්පුව සහ මාතර යන ප්‍රදේශ දෙකකදී විදේශිකයන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙන්නප්පුව වේලක්කන්නි පල්ලිය අසල මුහුදු තීරයේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවිරිදී ජර්මන් ජාතිකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මාතර මඩිහ ප්‍රදේශයේ දී රළ මත ලිස්සායාමේ ක්‍රිඩාවේ යෙදී සිටියදී 36 හැවිරි බ්‍රිතාන්‍ය ජාතිකයකු ද දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධින් සම්බන්දයෙන් අදාල පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version