රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 04ක් අද විවෘත වෙයි

වසා දමා ඇති රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 04 ක් අද(16) විවෘත කිරීමට නියමිතයි.

විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත‍්‍ර කළමණාකරණ ව්‍යවහාරික විද්‍යා හා තාක්ෂණ පීඨ අද විවෘත කෙරේ.

ඊයේ පස්වරුව වන විට සියලූ සිසුන් නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බව සිසුන්ට දැනුම් දුන් බවයි පාලනාධිකාරිය පැවසුවේ.

රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 04 ක් වසා දමා තිබුනේ පසුගිය දෙසැම්බර් මස 29 වනදා සිටයි.

ඒ සිසුන් පිරිසකගේ පංති තහනම ඉවත් කරන්නැයි බල කරමින් තවත් සිසුන් විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටීම හේතුවෙනි.

කෙසේවෙතත් අදාළ ගැටලූවට විසදුම් ලබා දීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සදහන් කළේ.

Exit mobile version