මහේල හා සංගාගේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් පිලිපීනයටත්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමර් සංගක්කාර, මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යන හෝටල් ජාලයක් වන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් හෝටලයේ ශාඛාවක් පිලිපීනයේ මැනිලා නුවර විවෘත කර තිබේ.

ප්‍රථමයෙන්ම කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ ලන්දේසි රෝහල් පරිශ්‍රයේදි ආරම්භ කළේය. දැන් ඔවුන් එය ලෝකයේ රටවල් කිහිපයකම විවෘත කර තිබේ.

මීට පෙර ඉන්දියාවේත්, ඉන් අනතුරුව චීනයේත් ඔවුන් සිය හෝටලයේ ශාඛා විවෘත කරනු ලැබීය.

Exit mobile version