ජනපති හා පිලිපීන ජනපති අතර ද්වීපාර්ශවික සාකච්ඡා අරඹයි

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුතෙර්තේ මහතා අතර මීට සුළු මොහොතකට පෙර ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ කර තිබේ.

එරට මැනිලා අගනුවර පිහිටි පිලිපීන ජනාධිපතිවරයාගේ නිල කාර්යාලයේදී අදාළ සාකච්ඡාව ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර එහිදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතව තිබේ.

Exit mobile version