පළාත් සභා මැතිවරණය කඩිනමින්

පළාත් සභා මැතිවරණය කඩිනනමින් පැවැත්විම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දී තිබේ.

ඊයේ (16) දිනයේදී ලිඛිතව අදාළ දැනුම්දීම සිදු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ද මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ දැනුම්දීම සිදු කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්විම සඳහා පාර්ලිමේන්තුවේදී කඩිනමින් විසදුමකට පැමිණෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව අදාළ ලිපිය මඟින් ඉල්ලීමක් කර ඇත.

පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්විමේදී ගනු ලැබූ තින්දු තීරණ පිළීබඳව ද අදාළ ලිපිය මඟින් දැනුවත් කර තිබේ.

Exit mobile version