තලවකැලේ ගින්නක්- අක්කර 2ක් විනාශයි

තලවකැලේ තේ වතුයායේ ජල පෝෂිත ලඳු කැළැවක අද(17) උදෑසන හට ගත් ගිනි ගැනීමකින් එහි අක්කර දෙකක පමණ භූමී ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්විය.

මේ දිනවල මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාගුණික තත්ත්වය හා සුළං හේතුවෙන් ගින්න සිඝ්‍රයෙන් විශාල ප්‍රදේශයක් කරා පැතිරී යන ලද අතර පැය කීපයක් එක දිගටම ගින්න පැවැති බව තලවකැලේ වතුයායේ වතු කම්කරුවන් පැවසීය.

කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරන අතර ඔවුන් නීතියේ රැහනට හසුකර ගැනීමට පියවර ගන්නා බව තලවකැලේ පොලීසිය පවසයි.

මෙම ගින්න නිවා දැමීමට තලවකැලේ පොලීසීයේ නිලධාරීන්, තලවකැලේ යුධ හමුදා කඳවුරේ භට පිරිස්, පොලිස් විශේෂ කාර්ය බලකාය කඳවුරේ නිලධාරීන් මෙන්ම වතු කම්කරුවන් විශාල වෙහෙසක් ගනු ලැබු අතර ඒ හේතුවෙන් විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ගොස් සිදු වන්නට ගිය විනාශයක් වළක්වා ගැනීමට හැකිවු බවයි අප වාර්තාකරු කියා සිටියේ.

Exit mobile version