මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ පැමිණිලි කරන්න 1984 අංකයට

මත්ද්‍රව්‍ය  සම්බන්ධ අපරාධ හා සිදුවීම් පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ‘1984’ කෙටි දුරකථන අංකය ජනාධිපති විසින් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද(21) උතුරු පළාතෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙලේ විශේෂ අදියරක් ලෙස මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නම් කර තිබේ.

පාසල් දරුවන් මෙම ක්‍රියාවලිය සඳහා සක්‍රිය කොටස්කරුවන් බවට පත් කිරීමේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන ලක්ෂණයක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00ට මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විදුහලේ පැවැත්වීමට නියමිතයි.

Exit mobile version