ජනාධිපතිවරණයට තවත් පොදු අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයේ දි තමන්ට පොදු අපේක්ෂකයෙක් ලෙස තරග කිරිමට අරාධනාවක් ලැබුණහොත් එය භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

කුරුණෑගල පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සමහර පුද්ගලයින් අද වන විට දේශපාලන න්‍යාය පත්‍රය පැත්තකින් තබා පෞද්ගලික අදහස් මත ක්‍රියා කිරීම විශාල අඩුපාඩුවක් වන බව ද ඒ මහතා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් තමාට පොදු අපේක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට තමාට ඕනෑ තරම් අත්ඇකීම් ඇති බවත්, එනිසා ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් කුමක් කළ යුතු ද යන්න පිළිබඳව තමාට හැඟීම් ඇති බව ද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම දේශපාලනයේ ඇති ගැටීම් දේශපාලනයේ සිදුව ඇති හොඳ නරක පිළිබඳ තමාට අත්දැකීම් ඇති බැවින් තමාට ඕනෑම මොහොතක එවැනි වගකීමක් බාර ගැනීම ගැටළුවක් නොවන බව ද අත්තනායක මහතා පැවසීය.

Exit mobile version