කොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට තැත් කිරීමේ සිද්ධීන්ට අදාළව අවශ්‍යව සිටි සැකකාරියක සහ සැකකරුවෙකු පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාඇළ ප්‍රදේශයේදී වෙඩි තබා රන් භාණ්ඩ වෙළඳසැලක් කොල්ලකෑම සහ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු සහ ඊට අනුබල දුන් සැකකරුගේ බිරිඳ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 220ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(23) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.